"මග අරින්න බෑ මට... එහෙම කරන්න ට්රයි කලාට... මෙහෙම ඇස් ඉස්සරහ ඉද්දි බෑ... බලන්න හිතෙනවා... මෙහෙම... ළං කරගෙන..." මං ගල් ගැහිලා තමාල් දිහා බලන් ඉද්දි එයා තව ටිකක් මට ළං වෙන ගමන් එහෙම කිව්වා. එයා මට කොච්චර ළං වෙලාද කියලවත් වැටහීමක් නෑ මට. ඒ තරම් සිහියක් නැතිව මං බලන් හිටියෙ ඒ මූණ දිහා වෙව්ල වෙව්ල. මීට කලින් මෙහෙම මෙච්චර ළඟින් කවුරු හරි හිටියා නම් ඒ අද වගේම ඒ එදා. එදත් මේ විදිහටම මං බයේ ගැහුණා මතකයි මට. ඒත් තමාල් මේ දැන් කියපු දේවල් තේරුම් ගන්න බැරි වුණේ නෑ මට. ඒත් තාමත් මට වචන නෑ. මං මුකුත් නොකියා ඉන්න නිසාම වෙන්නැති මගේ එක උරහිසක තිබ්බ ඒ එක අතක් එයා මගේ කම්මුලකට තිබ්බා. ඒ අතේ සීතල මගේ කම්මුලට දැනෙද්දි මාව හිරිවැටිලා ගියේ මං තමාල්ගෙන් එහාට වෙන්න දඟලද්දි. ඒ වුණත් මං අහකට හරවගත්තු මගේ මූණ එයා ආයෙම එයාගෙ පැත්තට හරවගෙන තව ළං වුණේ මගේ මූණට මට යන්න දෙන්නෙත් නැතිව. "මං ගොඩක් ආදරෙයිනෙ... මට පොඩ්ඩක් ආදරේ කරන්න බැරිද..? " සත්තයි ඒ වචන එකින් එක ඇවිත් මගේ හිතේ නතර වෙද්දි ඒ ඇස් වල මගේ ඇස් පැටළුනේ එයා එක අතකින් මගේ කම්මුල එහෙමම පිරිමදිද්දි. සීරුවට එක අතකින් මගේ කම්මුලක් යාන්තමට පිරිමදිනවා එයා. ඒ ඇස්... ඒ ඇස් හරිම...