මගෙ ආදරියේ

Nadeeka Bogahawaththa

Sale price Rs 712.00 Regular price Rs 890.00

”චණ්ඩි අයියා... උඹ අපිටත් සුදුළුණු පොඩි කරනවා නේද? ආදරෙයි කැස්සයි හංගන්න බැහැලූ බං”
දමිත් මල්ලි හිනාවෙවී මං ළඟට ආවා. මලසේකර. දැන් මේකා අනිත් උන්ට කිව්වොත් එහෙම මම අර කෙල්ල දිහා බලාගෙන හිටියා කියලා ආයෙ ඉතිං ජීවත් වෙනවාට වඩා හොඳයි, වීල් පාක් එක ඉස්සරහා තියෙන ඉඩෝරෙ කාලෙටවත් හිඳෙන්නෙ නැති මඩ වලට පැනලා සියදිවි හානි කර ගන්න එක.
”කට වහගෙන පලයන්. මගෙන් මැරුම් නොකා.”
මං සැරෙන් කිව්වත් ඌ නෙවෙයි සතේකට මායිම් කරේ.
”ඇයි ඇයි මල්ලි මොකක්ද කේස් එක? ආදර කතාවක් ඇදලා ගත්තෙ? උඹ දන්නවානෙ අපේ චණ්ඩි මල්ලිට ආදරේ අරහං කියලා.”
චුට්ටෙ ලකී එක්ක අපි ළඟට ආවෙ එහෙම කියලා. දැන් නම් ඉතිං ඒ කෙල්ල දැක්ක වෙලාවෙ ගැහුනාටත් වඩා වේගෙන් මගෙ පපුව ගැහෙනවා. මොන තරම් නෝන්ඩිද?
”ඒ උඹලා අපි දන්න තරමනෙ අයියා. ඒ වුනාට බලන්න එපැයි බස් එකේදි මූ අර කෙල්ල දිහා කන්න වගේ බලාගෙන හිටපු හැටි. ඒකි රතු වුනා.”
ඇත්තමයි. මට දමිත්ගෙ බෙල්ල මිරිකන්න හිතුණා.
”මොන කෙල්ලද?”
කළුමල්ලි අයියා ඇහුවා. මං දමිත්ට රැව්වා. ඌ හිනාවුනා.
”අර උඹලා දවසක් මට කෙල්ලෙක් පෙන්නුවෙ මූට බැන්නා කියලා. ඒකි.”
කළුමල්ලි අයියා විතරක් නෙවෙයි, අනිත් උන් ටිකත් ඇස් ලොකූ කරලා මගෙ දිහා බැලූවා. මගේ කණ් දෙක රත් වුනා. මූණට ලේ පිරෙනවා මටම දැනුනා. මගේ මූණ රතු වෙන හැටි බලාගෙන හිටපු කළුමල්ලි අයියා මගේ පිටට හයියෙන් එකක් ගහලා බක බක ගාලා හිනා වුනා.
”බොරු බං. මං ඒකි දිහා නිකං බැලූවා විතරයි මූට පිස්සු. අඩෝ.. හිටපන් උඹට මං”
මං එහෙම කියලා දමිත් පස්සෙ පැන්නුවා. දමිත් දුවගෙන ගිහින් බස් එක ළඟ හිටපු වීරෙ අයියාව අල්ලගෙන වීරෙ අයියාට මුවා වුනා.